දෙහිවල වෛද්‍ය පාරෙන් ගිනි අවියක් සහ පතරොම් හමුවේ.

දෙහිවල, වෛද්‍ය පාර ප්‍රදේශයේ සඟවා තිබී පිස්තෝලයක් සහ පතොරොම් තුනක් සොයාගැනීමට පොලිසියට හැකිව තිබේ.

බුද්ධි තොරතුරක් මත ඊයේ (05) පස්වරුවේ දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදී මෙම පිස්තෝලය සොයාගත් බව දෙහිවල පොලීසිය පවසයි . සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.