රාජ්‍ය අනුග්‍රහයෙන් විශේෂ ධාතු ප්‍රදර්ශණයක්

ඉන්දියාවෙන් වැඩමකරවන සර්වඥ ධාතූන් වහන්සේලා ලබන මස 4 වනදා සිට 11 වනදා දක්වා හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ජනවාරි 21 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද අමාත්‍යවරයා එහිදී පවසීය.

මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශණය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට නියමිතය . අමාත්‍යවරයා මේ බව පැවසූවේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය සංවිධානය කිරීම සඳහා වන සූදානම සමාලෝචනය කිරීමට සහ විහාරස්ථාන පරිශ්‍රය පරීක්ෂා කිරීමට ඊයේ (18) කොළඹ ගංගාරාම විහාරස්ථානයට ගිය අවස්තාවේය .