සමලිංගික වෙබ් ලිපිනය සහිත මොඩියුලය මුද්‍රණය කිරීමට කෝටි හතක් වැය කරලා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ සිසුන් සඳහා මුද්‍රණය කරන ලද ඉංග්‍රීසි භාෂා විෂය මොඩියුලයේ දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක පිවිසුම් ලිපිනයක් ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් රජයට සිය වගකීමෙන් බැහැර විය නොහැකි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි .

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසූවේ මෙම ක්‍රියාව හරහා දරුවන්ගේ අධ්‍යාපනයට විශාල හානියක් සිදුව ඇති බවයි.

මෙම මොඩියුල මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි හතකට අධික මහජන මුදලක් වැය කර ඇති බවත්, මෙවැනි බරපතළ දෝෂ සහිත ප්‍රකාශනයක් මුද්‍රණය කිරීම සඳහා එතරම් විශාල මහජන මුදලක් යෙදවීම අපරාධයක් බවත් ඔහු පැවසීය .

මෙම වැඩපිළිවෙළ වත්මන් රජය විසින් හඳුන්වා දුන් එකක් නොව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ සිට ආරම්භ කොට ඉදිරියට ගෙන එන ලද්දක් බවත් එම පාලන සමයේ පවා ක්‍රියාත්මක නොවූ මෙම වැඩසටහන නිසි ප්‍රමිතියකින් තොරව ක්‍රියාවට නැංවීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවත් ඔහු පැවසීය