යූරියා අලවියට පෞද්ගලික අංශයටත් අවසර දෙයි .

යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු සඳහා පෞද්ගලික ආයතනවලට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමාරච්චි පැවසීය . ඔහු මේ බව පැවසූවේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි .

මාර්තු මාසය වන විටත් යූරියා මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දහසකට ආසන්න පොහොර තොගයක් පැවතියද, ක්‍රමවත්ව ගොවීන් හට පොහොර බෙදා හැරීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පමණක් ගොවීන්ට යූරියා පොහොර ලබා දීමට රජය තීරණය කරනා ලදි .

කෙසේ වෙතත් පෞද්ගලික අංශයටත් යූරියා අලවියට ඉඩ ලබාදීමත් සමග රටතුළ පවතින පොහොර හිඟය නිමවනු අතැයි ක්ෂේස්ත්‍රයේ ආරංචිමාර්ග විශ්වාසය පලකරයි.