ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ඉන්දීය සාගරයේදී චීනයේ සිට ඉරානය බලා ගමන් කරමින් තිබූ යුද උපකරණ රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බලකාය විසින් වටලනු ලැබ ඇති බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කරයි.
මෙම සිදුවීම පසුගිය මාසයේදී සිදුව ඇති අතර, මෙම නාවික මෙහෙයුම, ඉරානය සිය යුද ශක්තිය යළි ගොඩනැගීම වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක වූවක් බවද එම ාඅරංචිමාර්ග පවසයි .
ඇමෙරිකානු ඉන්දු-පැසිෆික් නාවික විධානයට අනුයුක්ත භට පිරිස් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, එහි තිබූ යුදමය ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් පසු නෞකාවට පිටත්ව යාමට අවසර දී තිබේ.
ඇමෙරිකානු බුද්ධි අංශ මාස කිහිපයක සිට මෙම නෞකාවේ ගමන් මග පිළිබඳ විමසිල්ලෙන් සිට ඇති බව ද එම වාර්තාවල සඳහන් වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් චීනයෙන් හෝ ඉරානයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසයි.