වතුකරයේ ජනතාවගේ ආරක්ෂාව, ඉඩම් අයිතිය සහ මේ රටේ අනෙකුත් ජාතීන්ට තිබෙන අයිතිවාසිකමා ලබා දෙන ලෙස බල කරමින් සිවිල් ක්රියාකාරකයින් පිරිසක් ඊයේ හැටන් නගරයේ උද්ගෝෂනයක් පවත්වන ලදි .
‘ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති’ යන සටන් පාඨය යටතේ පැවැත්වූ මෙම උද්ඝෝෂණය කදුරට ජනතා පෙරමුණ විසින් සංවිධානය කර තිබූනි .
රත්නපුර කහවත්ත ප්රදේශයේ පෞද්ගලික වතු සමාගමකට අයත් නීළගම ප්රදේශයේ වතු කම්කරුවන් ඉදි කළ තාවකාලික නිවාස එම සමාගමේ ආරක්ෂක අංශ නිළධාරින් විසින් කඩා විනාශ කළේ යැයි කියන සිද්ධිය හුවා දක්වමින් එම සිවිල් ක්රියාකාරකයින් වතුකරයේ ජනතාව ඒ සදහා නැගි සිටිය යතු බව පවසමින් මෙම උද්ගෝෂනය පවත්වනු ලැබීය .
මේ ආකාරයේ සිදුවීම් තව දුරටත් වතුකරයේ සිදු කිරිමට ඉඩ ලබ නොදෙන බවත්, එසේ සිදු කළෝත් ඒ සදහා තමන්ට පරම්පරාවෙන් ලද තියුණු ආයුධ තමන් සතුව ඇතත්, එවා මෙතෙක් භාවිතයට නොගත් බවත්, ඉදිරියෙදි ඒවා භාවිතයට ගැනිමට සිදුවන බවත් ඕවුහු පැවසූහ .