රෝගීන් ගේන්න එපා හලාවත රෝහල වහනවා.

නවත දැනුම්දෙන තුරු කිසිදු රෝගියෙකු හලාවත මහ රෝහලට රැගෙන ඒමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහජනයාගෙන් ඉල්ලා සිටී .

පසුගිය දින කිහිපයේ ඇද හැලුණු මහ වැසි සමග ඇතිවූ ගංවතුරෙන් හකාවත රෝහල දැඩි හානියට පත් වූ අතර, මේ වන විටත් රෝහල අඩි පහකට වඩා ජලයෙන් යටවී ඇති බව ඔහු පවසයි.

මේ හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අසාධ්‍ය රෝගීන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සහ යුධ සහ නාවික හමුදා සහයෙන් කොළඹ හා පුත්තලම වාරියපොල හා කුරුණෑගල රෝහල් වෙත යැවීමටද කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.