අභ්‍යාසයක් සඳහා මේ දිනවල කොළඹ වරායට පැමිණ සිටිනා ඉන්දීය නාවික හමුදාව සතු INS වික්‍රාන්ට් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවේ සහන මේහෙයුම් සඳහා සිය හෙලිකොප්ටර් යෙදවීමට තීරණය කර ඇත .
‘දිත්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ දරුණු කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ, දැනට කොළඹ නැංගුරම් ලා ඇති ඉන්දීය යුද නෞකාවෙන් සහාය ඉල්ලා ඇති බවත්, ඒ සඳහා ඉන්දීය රජයේ එකඟතාවය පලකර අති බවත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාද පවසා ඇත.