විදේශීය සංචාරක කාන්තාවන් දෙදෙනෙකුට තම රහස් අවයවය පෙන්වා ලිංගික අතවරයක් කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් මාවතගම ත්රිරෝද රථ රියැදුරෙකු ඊට වරද පිළිගෙන තිබේ. ඒ එම නඩුව පිලැස්ස මහේස්ත්රාත් අධිකරණයෙදී ඊයේ කැඳවූ අවස්ථාවේදීය.
එම සිද්ධියට අදාලව දඬුවම් නියමකළ පිලැස්ස මහේස්ත්රාත්වරිය විත්තිකරුට වසර 10 කට අත්හිටවූ මාස 6 ක බරපතළ වැඩ සහිතව සිර දඬුවමක් නියම කරන ලදි . ඊට අමතරව හිංසනයට ලක්වූ විදේශීය කතුන් දෙදෙනා සඳහා රුපියල් ලක්ෂ එකහමාර බැගින් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙසත්,අදාළ චෝදනා දෙක සඳහා රුපියල් එක්දහස් පන්සීය බැගින් වූ දඩ මුදල් දෙකක් ගෙවන ලෙසද මහේස්ත්රාත්වරිය විත්තිකරුට නියම කළාය.
අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත විත්තිකරු මුදා හැරීමට එහිදී නියෝග කෙරුණි . මෙලෙස දංඩුවම් නියමවූවේ මාවතගම බරන්දන පාරේ පදිංචි 33 හැවිරිදි මුතුතන්ත්රීලාගේ චානක නුවන් ජයසිංහ නමැති අවිවාහක ත්රිරෝද රථ රියැදුරෙකුටය.