ට්‍රම්ප් ගේ තීරණයෙන් ලෝක බොරතෙල් මිල පහළ යයි .

ඉරානය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත එකඟතාවයකට අවස්ථාවක් ලබාදීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් දියත් කළ “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ එම තීරණයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (06) පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

පාකිස්තානය ඇතුළු මැදිහත්කාර රටවල ඉල්ලීම් සහ දැනට සාකච්ඡා මට්ටමේ පවතින එකඟතාවන්හී ප්‍රගතිය සලකා මෙම තීරණය ගත් බව ඇමරිකානු ජනාධිපතිවරයා සිය ටෘෘත් සෝෂල් (Truth Social) ගිණුමේ තැබූ සටහනක දක්වෙයි .