ඩොලර් මිලියන දෙකේ රන් වංචාව ගැන හිස්බුල්ලා කථා කරයි .

ඝානා රාජ්‍යයේදි ඇමරිකානු ඩොලර් මිලියන 2 ක රන් වංචාවකට තමා හසුවූ බවට පැතිරයන ප්‍රචාරය අසත්‍යක් බව මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා පැවසීය .. එහිදි මන්ත්‍රිවරයා පැවසුවේ තමන් මෙම ව්‍යාපාරයට මුදල් යොදවා නොමැති බවත් විදේශිය මිතුරන්ට සහය විම සඳහා තමන් මේ ගණුදෙනුවට මැදිහත් වු බවත් ය.

”ඩොලර් මිලියන දෙකක් නැති වුණා. මගේ සල්ලි නැති වුණා .මේ සල්ලි කොහොමද ආවේ කෙහොමද අරන් ගියේ කියලා ජනමාධ්‍ය වලින් ප්‍රචාරය වුණා.ඒක සම්පුර්ණ බොරුවක්.මම එක රුපියල්ක් දුන්නේ නැහැ. මගේ එක්කොම වියදම ෆ්ලයිට් ටිකට් ,හොටෙල්,මේ ඔක්කොම භාර ගත්තේ සවුදිවල ඉන්න යාලුවෝ.මේ බිස්නස් එක එයාලගේ. මම නිකන් උපදේශක විදියට යනවා. එයාලට ඉංග්‍රිසි වලින් කතා කරන්න….මේ පාරත් මම නැත්තන් එයාලා රවට්ටනවා. මේකට කිසිම දේශපාලාන සම්බන්ධයක් නැහැ. මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක්.” ඔහු පැවසීය.