මරා දැමූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති පොලිස්පතිට ලියුමක් යවලා.

නාඳුනන තුවක්කුකරුවකු විසින් ඊයේ වෙඩි තබා මරාදැමු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසිංහ තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින් ඉකුත් අගෝස්තු මාසයේ පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

අගෝස්තු මස 29 වන දින යොමු කර ඇති මෙම ලිපිය මගින් ඔහු ඉල්ලා ඇත්තේ තමන්ට විවිධ පාතල කණ්ඩායම් ඔස්සේ මෙම තර්ජන එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසයි.

තමාට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභිකයකු ලෙස දිවුරුම් දීමට ද අවස්ථාව නොදෙන බවට තර්ජනන එල්ලවී ඇතිබවත්, විවිධ පාර්ශ්ව විසින් සමාජ මාධ්‍ය ජාල හරහා තමාට තර්ජන එල්ල කරනු ලබන බවත් ඔහු පොලිස්පතිට යවූ ලිපියේ සඳහන් කර ඇත . එකී තර්ජන ගැන තමා පොලිසිය දැනුවත් කර ඇති බවත් එම තර්ජනයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට පොලිසිය තමා දැනුවත්කර ඇති බවත් ඔහු එම ලිපියේ දක්ව ඇත .