ක්‍රිකට් තරගයක් නිසා රුහුණු විශ්ව විද්‍යාලය වසා දමයි

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනා බව විශ්වවිද්‍යාලීය ආරංචිමාර්ග පවසයි. ඒ අනුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා එම වසර දෙකේ සිසුන් තාවකාලිකව අදාළ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

ඊයේ (19) පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් හේතුවෙන් ගැටුම හටගෙන ඇති අතර පසුව එය සමථයකට පත්වී ඇත. එහෙත් අද පෙරවරුවේ එම ගැටුම නැවතත් ආරම්භ වී ඇත. ඉන් සිසුන් 6 දෙනෙක් තුවාල ලබා ඇත. ගැටුමට සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලීසිය පරීක්සණ පවත්වයි.