අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සෙව්වන්දි ලුහුබැඳ ගොස් නේපාලයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මාධ්‍යට පැවසීය .
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉෂාරා සෙව්වන්දි යාපනයේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට පලාගොස් එහි සති තුනක් රැඳී සිට ගොඩබිමින් නේපාලයට ගොස් ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 6.5 කට ආසන්න මුදලක් වැය කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
සෙව්වන්දිට රටින් පලයාමට ජේ.කේ. බායි නමින් හැඳින්වෙන පුද්ගලයෙක් සහායදී ඇතිබව විමර්ශනවලින් හෙළිව් ඇත . ඉන්දියාවේ සිට බස් රථ සහ දුම්රිය මගින් ගමන් කර ඇය නේපාලයට ලඟාවී ඇත . ඉකුත් සඳුදා නේපාලයේ කඳුකර ප්‍රදේශයක මහල් නිවසක ඉහළ මහලේ සැඟවී සිටියදී ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
මෙහෙයුම අතරතුර තවත් කාන්තාවක්, කෙහෙල්බද්දර පද්මේගේ සමීප මිතුරන් තිදෙනෙකු සහ ඇයට නවාතැන් දුන් ද්‍රවිඩ ජාතිකයෙක් ඇතුළු තවත් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට ගෙන ඒමට අපේක්ෂා කෙරේ.