එ.ජා.ප ය සමග පොදු වැඩපිළිවෙලකට ස.ජ.බ එකඟ වෙයි

සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

සමගි ජන බලවේගය අද (09) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී මේ පිළිබඳව ඒකමතිකව තීන්දු කළ බව ඔහු සඳහන් කළේය.