එළඹෙන මාර්තු 19 වැනි දා සිට 8 වැනි ශ්‍රේණියේ සිට ඉහළ තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම බුද්ධිය (Artificial Intelligence) ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කරනවා.
ඒ අනුව පාසල් 17ක් සම්බන්ධ කරමින් මෙම වැඩසටහන ආරම්භ වන අතර එය නියමු ව්‍යාපෘතියක් ලෙසින් ආරම්භ වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග Microsoft ආයතනය එක්ව සිටින බවත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබා දීමට ඒ අනුව හැකිවන බවත්, සුහුරු පුවරු සහිත ඩිජිටල් පන්ති ඇසුරින් පාසල් අතර විෂය දැනුම හුවමාරුවට දරුවන්ට අවස්ථා සලසා දීමට ද එමගින් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.
ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.