22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මහජනයා එක පෙරමුණකට පැමිණිය යුතුබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය .
ආණ්ඩුව සතුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් පැවතුණද, ජනතාවගේ ඒකාබද්ධ විරෝධය හමුවේ මෙම සංශෝධනය පරාජය කළ හැකි බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් වෙනස්කිරීම ඇතුළු අධිකරණ පද්ධතියේ පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් මෙම 22 වැනි සංශෝධනය හරහා යෝජනා වී ඇති බවත් ඔහු සඳහහ්න් කළේය .
මෙම යෝජිත සංශෝධනය මඟින් රට තුළ අධිකරණ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලය බෙදීමේ මූලධර්මය දැඩි ලෙස අඩපණ වන බව පෙන්වාදුන් විපක්ෂ නායකවරයා රට එක් පක්ෂයක පාලනයක් කරා ගෙනයෑමට උත්සාහ කරන බවට චෝදනා කළේය .
22 වැනි සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය අඛණ්ඩව සටන් වදින බව ප්‍රකාශ කළ සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන සැප්තැම්බර් 24 වැනි දින කොළඹදී පැවැත්වෙන දැවැන්ත ජනතා විරෝධතාවට එකතු වන ලෙස සියලු දෙනාටම ආරාධනා කර ඇත.
කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළකළේය .