පාතාලය මඩින්න විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් බස්සයි

යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.

ඒ් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදියි.

පොලිස් විශේෂ කාර්ය බලකාගේ අණදෙන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, මෙම කණ්ඩායම් ක්‍රියාත්මක වන අතර මෙම කණ්ඩායම් යොදවා පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මැඩලීමටයි සැලසුම් කර ඇත්තේ.

එම සෑම කණ්ඩායමක් සඳහා ම අපරාධ අංශ ස්ථානාධිපතිවරයෙක්, බුද්ධි නිළධාරීන් 04ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 02ක් ඇතුළු නිළධාරීන් 09ක් සමන්විත අතර ජීප් රථයක් ද මේ සමග යොදවා තිබෙනවා.

ඉකුත් සති කිහිපය තුළ බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවු පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව‍යි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!