හිටපු පොලිස්පති වෙනුවෙන් පොලිස් සම්ප්‍රදායන් වෙනස් කරයි .

පොලිස් ආචාර ධර්මවලට අනුව දිවි නසාගන්නා පුද්ගකයෙක් වෙනුවෙන් පොලිස් ගෞරවාචාර හිමි නොවන නමුත්, හිටපු පොලිස්පතිවරයා මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස ඉටුකළ සේවය අගයමින් මෙම හෙට දින සිදුවන ඔහුගේ අවමංගල්‍යට පූර්ණ පොලිස් ගෞරවාචාරය පිරිනැමීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පැවසීය .

අභාවප්‍රාප්ත හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරවාචාර සහිතව හෙට (20) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

මාලබේ, තලාහේන, පරාක්‍රම මාවතේ පිහිටි සිය නිවසේ රැඳී සිටියදී ඉකුත් 17 වනදා සිදුවූ වෙඩි වැදීමකින් සී.ඩී. වික්‍රමරත්න අභාවප්‍රාප්ත විය. මෙම මරණය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් මගින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේ අවසන් වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය පවසයි.