2008 වසරේ කොළඹ සහ අවට ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර හා අනුබල ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න අද අධිකරණය හමුවේ පෙනී සිටියේය .
එහිදී ඔහුට අදාල චෝදනාවට තමා නිවැරදිකරු බව ඔහු පැවසීය. අනතුරුව ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කරනා ලදි .
මෙම නඩුව විභාගය සඳහා දෙසැම්බර් මස 09 වනදා නැවත කැඳවීමට නියමිතය.