එංගලන්තයේ කළ සංචාරයකදී රාජ්ය මුදල් අවභාවිත කළේයයි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව කොටුව මහේස්ත්රාත් අධිකරණයෙදී අද (29) කැඳවීමට නියමිතවය .
රනිල් වික්රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහගේ උපාධි ප්රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර ඇත .