ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලුම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නැවතත් ප්‍රතික්ෂේප කරනු ලැබීය .
ඒ අනුව සකකාර සුගීෂ්වර බණ්ඩාර ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත . සැකකරු පොදු දේපළ පනත සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවට පොලිස් මධ්‍යම අධිකරණ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දී ඇත .