පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමා ත්රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් හිටපු රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ ගොනුකළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 21 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය .
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරනා ලදි .
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.