නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් හය දෙනෙක් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි අද (17) වරෙන්තු නිකුත් කළේය.
අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් උද්ඝෝෂණ සිදු කළ බවට අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ඇප ලබා සිටින මොවුන් විවෘත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.
ඒ අනුව මෙලෙස වෙරෙන්තු නිකුත් කර ඇත්තේ, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රොෂාන් අලි දානිස් අලි, අමල් සාලින්ද නොහොත් ආමි අමිල, උදයංග කුමාර සහ කොස්වත්තගේ මහානාම හිමියන් යන පිරිසකටය.
ඇපකරුවන්ට නොතිසි නිකුත් කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන දෙසැම්බර් මස හතර වෙනිදා දක්වා මෙම නඩුව කල් තබන ලෙස නියෝග කළේය.