පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව තර්ස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමා අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් ඉදිරිපත් කර ඇති පෙත්සමට අදාළව අතරමැදි පෙත්සමක් කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉදිරිපත්කර ඇත.
සුරේෂ් සලේ විසින් ගොනුකර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට තමන් වහන්සේට අවසර ලබාදෙන ලෙසත්, හිටපු බුද්ධි ප්‍රධානි විසින් ඉදිරිපත් කර තිබෙන අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ද කාදිනල් හිමිපාණෝ සිය පෙත්සම මගින් ඉල්ලා සිටිති .