සර්ෆින් කරන්නට ගොස් මුහුදේ ගසාගෙන ගිය සංචාරකයාගේ සිරුර ගොඩ ගසයි ,

වැලිගම, පරණ කඩේ වෙරළ තීරයට ගොඩගසා තිබූ විදේශීකයෙකුගේ මළ සිරුර, පසුගිය සෙනසුරාදා පස්වරුවේ පරණ කඩේ වෙරළ තීරයේදී සර්ෆින් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී අතුරුදහන් වූ ටියුනීසියානු ජාතිකයාගේ බව වැලිගම පොලිසිය පවසයි .

පොලිසිය පැවසුවේ හදිසියේ ඇති වූ තද සුළං තත්ත්වයත් සමඟ හටගත් දියවැලකට අසුවී 21 හැවිරිදි වියේ පසුවූ මෙම සංචාරකයා මුහුදේ ගසාගෙන ගොස් ඇති බවයි..

සිද්ධියෙන් පසුව පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම්, වෙරළ ආරක්ෂක බලකාය සහ පෞද්ගලික කිමිදුම්කරුවන් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කළද, මුහුදේ පැවැති අයහපත් ස්වභාවය හේතුවෙන් ඊට බාධා එල්ල විය.