ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මා වෙනුවෙන් වැය කළ මුදල ගෙවන්න සූදානම් – ශලනී තාරකා. ( Video)

ඕස්ට්‍රේලියාවේ පැවැති 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමාට අනුග්‍රහකත්ව ලිපියක් නිකුත්කළ බව රංගන ශිල්පිනී ශලනී තාරකා පවසන්නීය .

එහෙත් තමා වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට වැයවූයේ අනුග්‍රාහක ලිපිය මුද්‍රණය කිරිමට
වැයවූ රුපියල් පනහකට ආසන්න මුදල පමණක් බවත්, එම මුදලද නැවත ගෙවීමට තමා සූදානම් බවත් ඇය පැවසූවාය.

ලෝක කුසලාන තරඟ නැරඹීම සඳහා තමා ඕස්‍ට්‍රේලියාවට ගියේ තම පුද්ගලික මුදලින් බවත්, කිසිවෙකු සමග හෝ අයුතු සබඳතා පවත්වන්න නැති බවත් ඇය අවධරණය කළාය . මෙම ප්‍රශ්නයට සාමාන්‍ය ලෙස මුහුණ දීමට කිසිදු බයක් නැත්තේ තමන් කිසිදු වරදක් සිදු කර නැති නිසා බවත් එහිදී කියා සිටියි.

ඇය මෙය මෙම අදහස් පල කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *