ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ වෙත බාර දී ඇති අතර, ඊට සමාගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව අද (29) සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇත .
ඊට අදාල නිවේදන ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ විසින් නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ සියළුම විධායක කමිටු සාමාජිකයන්ද සිය තනතුරුවාලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා නව අතුරු කමිටුවක් කඩිනමින් පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය සඳහන්ය. රජයේ පාර්ශවයෙන් තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා කිකට් සභාපතිවරයාට පවසා ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි.