සමගි ජන බලවේගයේ පානදුර සංවිධායකට දේශපාලනයත් එපා වෙලා

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ලලිත් එල්ලාවල මහතා අද (27) දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව සදහන් කලේය.

පානදුර දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා ඒ බව සදහන් කලේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය .

මම දේශපාලනයට අවේ 1989 දී. අවුරුදු 10 පළාත් සභා මන්ත්‍රී වරයෙක් ලෙස කටයුතු කලා.අවුරුදු හතරක්  පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කලා. අවුරුදු 32 ක අත්දැකීම් තියෙනවා .එහෙත් දැන් මේ පවතින දේශපාලනය ගැන ඇත්තේ ලොකු කලකිරීමක්.

අවංකව දේශපාලනය කලා. මම සතුටු වෙනවා. මට ජනතාව වියදම් කලේ. සතුටින් මම දේශපාලනය කලා උපරිමයෙන්ම . එහෙත් සොරකම් කලේ නෑ

සමගි ජන බලවේගයේ නායකත්වය පිළිබඳ ඇත්තේ කලකිරීමක්. එහි නම සමගි උනාට ඇතුලේ සමගියක් නෑ