ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් වන තම සැමියා තමන්ට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය රැගෙන ගොස් පරිහරණය කරන බවත්, එම ජීප් රථය නීති විරෝධි කටයුත්තකට යොදා ගන්නවාද යන්න සම්බන්ධයෙන් බරපතල සැකයක් ඇති බවට මන්ත්‍රී බිරියක් පොලීසියට පැමිණිලි කර ඇත.
පිළියන්දල පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
තමන්ට අයත් ජීප් රථය සැමරයා රැගෙන යාම නිසා තමන්ට ගමන් බිමන් යාමට පවා අපහසුතා ඇතිවී තිබෙන බවද බිරිද කළ පැමිණිල්ලේ දැක්වේ.
මන්ත්‍රී සැමියා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත්, එම සම්බන්ධතාවය නතර කරන ලෙසට අවස්ථා ගණනාවකදී අවවාද කර ඇති නමුත් ඔහු එම සම්බන්ධතාවය නතර කර නොමැති බවත් පැමිණිල්ලේ සදහන් වේ.