ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත්කර ඇති Wei Huaxiang සිය ධුරයේ රාජකාරි භාරගැනීම සඳහා ඊයේ (11) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔහු අද සිය ධුරයේ කටයුතු නිළ වශයෙන් ආරම්භ නිරීමට නියමිතය .
දිවයිනට පැමිණීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරම්න් නව චීන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම තම අරමුණ බවයි .
ශ්‍රී ලංකාවේ පොහොසත් ඉතිහාසය, ස්වභාවික සුන්දරත්වය සහ ජනතාවගේ ආගන්තුක සත්කාරය පිළිබඳව තම ප්‍රසාදය පළ කරනා ඔහු, චීනය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පුරා පැවති සමුද්‍රීය හා සංස්කෘතික සබඳතා ද සිහිපත් කර තිබේ.
රබර් සහල් ගිවිසුම ඇතුළු ඓතිහාසික සබඳතා මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වූ ආකාරයද ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත.