ශ්‍රීලංකාව බෞද්ධ සංස්කෘතික ගමනාන්තයක් කිරීමේ සැලස්මක්

සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් අග්නිදිග ආසියාවේ බෞද්ධ සංචාරකයන් ශ්‍රීලංකාවට ආකර්ශණය කරගනු වස් නව ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිත බව එම අධිකාරියේ සභාපති චාලක ගජබාහු පවසයි .

අග්නිදිග ආසියාව ඉලක්ක කළද එහි ප්‍රවර්ධන කටයුතු යුරෝපය, එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව දක්වා ද ව්‍යාප්ත කිඑඊමට අපේක්ෂා කරනා බව ඔහු පවසයි .

බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් අත්පත් කරගෙන සිටිනා කීර්තිය සුවිශේෂී සංචාරක සන්නාමයක් බවට පත්කර ගත හැකිවෙතැයි තමා අපෙක්ෂා කරනා බව ඔහු පැවසීය.

“සාරවත් උරුමයන්, විශ්මයජනක භූ දර්ශන සහ ගැඹුරු අධ්‍යාත්මික වැදගත්කම සමඟින්, ගෝලීය සංචාරක සිතියමේ බෞද්ධ වන්දනා සහ සංස්කෘතික ගවේෂණ සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාවට පත්විය හැක” සභාපති චාලක ගජබාහු වැඩිදුරටත් පැවසීය.

සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් Covid-19 වසංගතයට පෙර ථෙරවාදී බෞද්ධ රටවල සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගත් ප්‍රවර්ධන වෙබ් අඩවියක් වන ‘Buddhist Tourism Trail’ හඳුන්වා දී තිබුනි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!