වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ දක්වා වී මෙට්‍රික් ටොන් 33,666 ක් මිලදී ගෙන ඇතැයි එහි සභාපති මංජුල පින්නලන්ද පැවසීය . ඒ අතරින් වැඩිම වී අස්වනු තොගයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි .
ඉකුත් ජූනි මාසයේ 13 වැනිදා සිට වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කෙරිණි. මේවන විට බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙලීම අවසන් කර ඇති නමුත් පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල සහ පුත්තලම ආදී ප්‍රදේශවල මේ වන විට වී අස්වනු නෙලීම ආරම්භ කර ඇති බවය. ඊට සමගාමීව එම ප්‍රදේශවල වී ගබඩා විවෘත කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.
මේ වන විට ගබඩා 120 කට ආසන්න ප්‍රමාණයක් වී මිලට ගැනීම උදෙසා පවත්වාගෙන යන බව ඔහු සඳහන් කළේය .