ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබේ.
එම සැකකරුවන් ඊයේ (14) රාත්‍රියේදී අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීමෙන් අනතුරුව මෙසේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත බාරදී ඇත .
ශිරාන් බාසික් (48) දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පලා ගිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කර තිබුනි .
ඔහු පසුගිය මස 26 වනදා ඩුබායි හීද අත් අඩංගුවට ගැනිමෙන් අනතුරුව සිදුකළ විමර්ශණයන්හීදී ඔහු ජාත්‍යන්තර පොලිස්‍ය මගින් රතුවරෙන්තු නිකුත්කළ අයෙක් බව තහවුරුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට බාර දී ඇත .