ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් ලංකාවට සුනාමි තර්ජනයක් නෑ.

ඉන්දුනීසියාවේ අද අළුකම් කාලයේ හටගත් ප්‍රබල භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව මේවන විට 5 දක්වා ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද අලුයම 3.28ට පමණ තත්ත්වයක් හටගනු ලැබීය.

ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ප්‍රධාන භූකම්පනයෙන් අනතුරුව පසු කම්පන 3 ක් වාර්තා වී ඇති බවය . එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය විසින් මෙම භූකම්පන මාලාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරනු ලැබීය.

ඉන්දුනීසියාවට බලපෑ මෙම භූ කම්පන තත්ත්වයෙන් පසුව නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇඟවීම ශ්‍රී ලංකාවට අදාල නොවනා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.