රොමේෂ් තරංග ලෝක වාර්තා තැබූ හෙල්ල 5 ම කඩා ගුවන් සමාගමක් වාර්තාවක් තබයි

වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක ශූරයාවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග විදෙස් තරගාවලියක් නිමා කරමින් අද (15) උදෑසන දිවයිනට පැමිණියේය. ඒ එන ගමනේදී ඔහු සතු හෙල්ල 5 ක් ගුවන් මගින් ගෙන ඒමේදී සැකසහිත ලෙස කැඩී හානිවී ඇති බව වාර්තා වෙයි.

ඔහු ලෝක වාර්තා තැබූ එනම් හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී මීටර් 91.09ක් දුර විසි කළ හෙල්ල, ස්විට්සර්ලන්තයේ සුරීච් නුවරදී මීටර් 92.07ක් දුර විසි කළ හෙල්ල ඇතුළු ඔහු භාවිතා කරන හෙල්ල 5 ටම හානි වී ඇති බව සඳහන්ය.

අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දෙකම දිනාගත් රුමේෂ් තරංග අද අලුයම 5:10ට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

කෙසේ වෙතත් රොමේෂ් තරංග හට නව හෙල්ලක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා සූදානමින් පසුවන බවට සමාජ මාධ්‍යහී පුවතක් සංසරණය වෙයි . මෙලෙස හානියට පත් හෙල්ල පහේ වටිනාකම රුපියල් මිලියන දෙකකට ආසන්න බවත් අදාල ගුවන් සමාගමේ රක්ෂණ ආවරණය මගින් එම මුදල රොමේෂ් තරංගට බොහෝවිට ලබාදෙනු ඇති බවත් වාර්තා වේ .