බල්ලන්ට තවත් ලෙඩක් .

ශ්‍රී ලංකාවේ සිදුවන සමස්ත මාර්ග අනතුරු වලින් 30%කට ආසන්න ප්‍රමාණයකට බල්ලන් සම්බන්ධ වී ඇති බව Veterinary Association for Animal Catch Management පශු වෛද්‍ය සංගමයේ නිර්මාතෘ වෛද්‍ය චමිත් නානායක්කාර ප්‍රකාශ කර ඇත.

කොළඹදී පැවති ජනමාධ්‍ය හමුවක් අමතමින් ඔහු පවසා ඇත්තේ, මෙම තත්ත්වය ජාතික ආර්ථිකයට දැඩි බරක් වී ඇති බවයි.

බල්ලෙකු සපාකෑම හේතුවෙන් ජලභීතිකා එන්නත්කරණය සඳහා පමණක් රජයට වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ මුදලක් වැයකිරීමට සිදුව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

මංමාවත්වල සිටින සුනඛයන් සංඛ්‍යාව මෙසේ ඉහළ යෑමට ප්‍රධාන හේතුව මිනිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියා සහ සමාජ වගකීමක් නොමැතිකම බව පෙන්වාදී ඇති වෛද්‍ය චමිත්, නිසි ලෙස කළමනාකරණය නොකළ කුණු කසළ මත, මෙම අතහැර දැමූ සතුන් යැපීම මෙම ගැටළුව තවත් උග්‍ර කර ඇති බවද ඔහු සදහන් කර තිබේ.