මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීම තුළින් එවක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තුන්දෙනෙකු පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් සිදුකළ පැමිණිල්ලක් මත එම විමර්ශන සිදු කර තිබුණි.
ඒ අනුව එම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රුපියල් 50,000ක් බැගින් සහ අදාළ විමර්ශනය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් 10,000 බැගින් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්නට වන්දි ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන් වෙයි .
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.