පෘතුගාල ජාතික පාපන්දු නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය ක්‍රීඩා ජීවිතය මෙම තරග වාරය අවසානයේදී නිමාකිරීමට වැඩි ඉඩකඩක් ඇති බවට ඉඟිකර තිබේ.
වෝග් (Vogue) සඟරාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අදහස් දැක්වූ රොනාල්ඩෝ පවස ඇත්තේ මෙය ඔහුගේ පාපන්දු දිවියේ අවසාන වසර විය හැකි බවයි . ” 2026 මාගේ පාපන්දු ජීවිතයේ අවසාන වසර වීමට බොහෝ දුරට ඉඩ තියනවා . මට අවශ්‍ය වන්නේ විශිෂ්ට මතකයන් සමුදායක් ඉතිරි කරමින් සමුගැනීමටයි” යනුවෙන් රොනාල්ඩෝ එහිදී පවසා ඇත.
මේ වන විට සිය ක්‍රීඩා දිවියේ ගෝල 976ක් ලබාගෙන සිටින රොනාල්ඩෝ, ගෝල 1,000 සන්ධිස්ථානය කරා ළඟාවීමට තවත් ගෝල 24 ක් පමණක් පසුපසින් සිටී.
පස්වතාවක් Ballon d’Or සම්මානය දිනාගත් රොනාල්ඩෝ, 2002 වසරේදී ස්පෝටිං කණ්ඩායමෙන් සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා දිවිය ආරම්භ කළ අතර, පසුව මැන්චෙස්ටර් යුනයිටඩ්, රියල් මැඩ්රිඩ් සහ ජුවෙන්ටර්ස් යන සුපිරි කණ්ඩායම් නියෝජනය කළේය. ඔහු දැනට සෞදි ප්‍රෝ ලීග් හි අල්-නසර් කණ්ඩායම නියෝජනය කරයි. මෙම තරග වාරයේදී, ගෝල 1,000 සන්ධිස්ථානය හඹායමින් ඔහු අල්-නසර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකරමින් සපුරා ගැණීම ඔහුගේ අරමුණ වෙයි .
අන්තර්ජාතික පාපන්දු පිටියේ වැඩිම ගෝලලාභියා වන්නේද රොනාල්ඩෝය . ඔහු අන්තර්ජාතික තරගවලදී ගෝල 146 ලබා ඇත .