ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවෙන් රුපියල් මිලියන 75 ක වන්දියක් අය කරගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග සඳහා යොමුවී ඇත . ඒ අනුව ඔහු විසින් කොළඹ වාණිජ මහා අධිකරණයේදී ඊට අදාලව නඩුවක් පවරා තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව 2025 දෙසැම්බර් 17 වැනි දින ආරම්භ වූ සිය දෙවසරක පත්වීම, ක්‍රිකට් පරිවර්තන කමිටුව (Cricket Transformation/Interim Committee) විසින් කාලයට පෙර අත්තනෝමතික ලෙස අහෝසි කිරීමට එරෙහිව ඔහු මෙම නඩුව ගොනුකර ඇත .
පූර්ව දැනුම්දීමකින්, ප්‍රමාණවත් සාධාරණීකරණයකින් හෝ නිසි නෛතික ක්‍රියාපටිපාටියකින් තොරව මෙම තීරණය ගෙන ඇති බවට ඔහු චෝදනා කරයි.
පවතින කොන්ත්‍රාත් පත්වීමක් ක්ෂණිකව අවසන් කිරීම මගින් අදාළ කමිටුව අතාර්කික ලෙස සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යහපතට පටහැනිව කටයුතු කර ඇති බව ප්‍රමෝදය වික්‍රමසිංහ පවසයි . එමෙන්ම ගිවිසුම කඩකිරීම, ආදායම් අහිමිවීම සහ සිය වෘත්තීය කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් අදාළ පොලිය සහ නීතිමය ගාස්තු ද සමඟින් රුපියල් මිලියන 75 ක වන්දියක් අය කරදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටී.
වසර දෙකක පත්වීම භාරගැනීමෙන් පසුව, එම කාර්ය සාර්ථකව ඉටුකිරිම සඳහා තමාගේ අනෙකුත් වෘත්තීය කටයුතු සහ ව්‍යාපාරික කටයුතු පසෙක තැබීමට සිදුවූ බවත් , නියමිත කාලයට පෙර පත්වීම අහෝසි කිරීම හේතුවෙන් කොන්ත්‍රාත්තුව යටතේ හිමිවිය යුතුව තිබූ වේතනය අහිමි වූ අතර, කැපකරන ලද ව්‍යාපාරික හා වෘත්තීය අවස්ථාවන් හේතුවෙන් අමතර මූල්‍ය පාඩුවලට ද මුහුණ දීමට සිදුව ඇතිබව ඔහු පවසයි .
තේරීම් කමිටු සභාපතිවරයා ලෙස සිය පෙර ධුර කාලය තුළ ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණ කිහිපයක් ද මෙම නිවේදනයේ දක්වා ඇත. 2022 T20 ආසියානු කුසලාන ජයග්‍රහණය, 2023 ආසියානු කුසලානයේ අනුශූරතාව දිනාගැනීම සහ 2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අ පරාජිතව ජයග්‍රහණය කිරීම ඊට ඇතුළත් වේ.