තායි කතුන් තිදෙනෙක් කටුනායකදී අත් අඩංගුවට, දෙදෙනෙක් ගේ ගමන් මළුවල මත්ද්‍රව්‍ය .

තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකු කුෂ් සහ හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමත්ව ඇත .

එම කාන්තාවන් දෙදෙනා සමග ඔවුනට උපකාර කළ බව පැවසෙන තවත් තායිලන්ත කාන්තාවක්ද අද (20) අළුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත .

එහිදී අත්අඩංංගුවට ගත් එක කාන්තාවක් ලඟ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 යි ග්‍රෑම් 220 ක් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 852 ක්ද, අනෙක් කාන්තාව සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 994 ක් සහ හෂිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 620 ක්ද තිබී අත්අඩංගුවට ගෙන ඇත .