මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව ගොනුකර ඇති රිය අනතුරු නඩුවේ එක් චෝදනාවකට ඔහු අද අධිකරණය හමුවේ වරද පිළිගත්තේය .
2023 වසරේ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේදී (Marine Drive) ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකට අදාළව ගොනුකර ඇති නඩුවේ ‘රිය අනතුරක් වළක්වා නොගැනීම’ යන චෝදනාවට ඔහු මෙලෙස වරද පිළිගෙන ඇත . ඉන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා විසින් ඔහුට රුපියල් 2,500ක දඩ මුදලක් නියම කරනා ලද බව වාර්තා වේ .
මෙම නඩුවට අදාලව අපරීක්ෂාකාරීව රිය පැදවීම සහ බීමත්ව රිය පැදවීම යන චෝදනා දෙක ඉදිරිපත් වී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීමට නඩුව යළි අගෝස්ත 20 වනදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.