ගාල්ල රිච්මන්ඩි විද්‍යාලයේ 150 සංවත්සරය නිමිති කර සංවිධානය කර ඇති වැඩසටහන් මාලාව යටතේ සමස්ත ලංකා ක්‍රීඩා තරගාවලියක් සංවිධායනය කර ඇත. 1876 මැයි 01දා විද්‍යාලය ආරම්භ කර වසර හතරක් ගතවිමෙන් පසු 1880 දී විද්‍යාලයේ සිසුන්ට ක්‍රීඩා අංශ රැසක් හඳුන්වා දෙනු ලැබීය.ඒ අනුව විද්‍යාලයේ ක්‍රීඩා ආරම්භ කර මේ වසරට වසර146 ද සපිරේ.
දිවයිනේ රග්බි හා බැට්මින්ටන් ක්‍රීඩා කරන පාසල් අතර ගාල්ල රිච්මන්ඩි විදුහලට දිගු ඉතිහාසයක් තිබෙන අතර විශේෂයෙන් රිච්මන්ඩි විද්‍යාලයීය බැට්මින්ටන් කණ්ඩායම අවස්ථා රැසකදී සමස්ත ලංකා ශුරතා දිනාගෙන ඇත .
සිය දිිර්ඝකාලින ක්‍රීඩා අත්දැකිම් සෙසු පාසැල් සමග බේදා ගැනීමේ අරමුණෙන්, රිච්මන්ඩි විද්‍යාලයේ 150 වැනි සංවත්සරයට සමගාමීව සමස්ත ලංකා රග්බ් හා බැට්මින්ටන් තරගාවලියක් සංවිධානය කර ඇත
පාසල් දාහතරක සහභාගීත්වයෙන් වයස අවුරුදු 16 න් පහල සමස්ත ලංකා රග්බ් තරගාවලිය අගෝස්තු 2දා ඉරිදා උදෑසන 7.00සිට කොග්ගල අයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ක්‍රීඩා පිටියේ පැවැත්වේ
රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලබන “රිච්මන්ඩ් ක්‍රිකට් ඇකඩමි ප්‍රීමියර් ලීග්” හෙවත් RCPL ක්‍රිකට් තරගාවලිය 150 සැමරුමට සමගාමිව ජුලි 31, අගේස්තු 1 හා 2 දිනයන් හී පැවැත්වීමට නියමිතය. මේ වන විට රිච්මන්ඩ් ක්‍රිකට් ඇකඩමිය යටතේ දක්‍ෂතා සපිරි ශිෂ්‍යයෝ 300කට ආසන්න පිරිසක් ඉතා සාර්ථකව සිය පුහුණුවීම් කටයුතුවල නිරත වෙති.
බාලක හා බාලිකා පාසැල් 170ක සහභාගිත්වයෙන් සමස්ත ලංකා 15න් පහල බැට්මින්ටන් තරගාවලිය කාණ්ඩ හතරක් යටතේ අගෝස්තු මස 4 සිට 8 වැනිදා දක්වා රිච්මන්ඩි විද්‍යාලයේදි හා ගාල්ල , දඩැල්ල ක්‍රීඩා සංකීරණයේදි පැවැත්වේ. මෙි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු 1700ක පිරිසක් සහභාගි වනු ඇත.
මෙම තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන්නේ කසාගල ප්ලාන්ටේෂන් සමුහ ව්‍යාපාරයය.
නෙස්ලේ ලංකා පෞද්ගලික සමාගම “ගෝල්ඩ්” අනුග්‍රාහකය ද “සිල්වර් ” අනුග්‍රාහකය “හිස්ටොරිකල් මෙන්ෂන් මියුසියම්”හි අධ්‍යක්ෂ ඒ, ජී අමීන් හුසේන්ගෙනි.නිල ආහාර අනුග්‍රාහකය දරන්නේ පී ඇන්ඩ් එස්ය
මේ පිළිබඳ මාධ්‍ය සාකච්ජාවක් රිච්මන්ඩි විද්‍යාලයේදී පෙරේදා(28) පැවැත්විණි .රිච්මන්ඩි විදුහල්පති ප්‍රභාත් විතානගේ , සමස්ත ලංකා පාසල් බැට්මින්ටන් සම්මේලනයේ සභාපතිනි හා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල්පතිනී ආචාර්ය සුමේධා ජයවීර, රිච්මන්ඩි ආදීශිෂ්‍ය සංගමයේ ලේකම් නීතිඥ ශ්‍රිමාල් විජේසේකර ,රිච්මන්ඩි ආදීශිෂ්‍ය සංගමයේ ක්‍රීඩා අනු කමිටුවේ සභාපති චමත් අබේගුණවර්ධන ඇතුඵ පිරිසක් මේ අවස්ථාවට එක් වුහ..