අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියේදී ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය ප්‍රවර්ධනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට (TID) පොලිස්පතිවරයා උපදෙස් දී ඇත .
රැලිය අතරතුර කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පදනම්ව පොලිස්පතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ.
රැලියේදී සිදුකරන ලද ප්‍රකාශ මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීම හෝ ඊට සහාය දැක්වීම සිදු වූ බවට චෝදනා කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත .
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන් රැසක් මෙම රැලියට එක්ව සිටියහ.