මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බව කියන “රත්මලානේ සයිමා” නමැත්තා පැය 48ක කාලයක් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇතිබව
මහනුවර මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. වැඩිදුර විමර්ශන සඳහා “රත්මලානේ සයිමා” නමැත්තා ඊයේ (10) රාත්‍රියේ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබුණි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු මැලේසියානු පොලිසියේ සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව එරටදී අත්අඩංගුවට ගෙන තිබුණි.
මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අනෙක් සැකකරුවන් දෙදෙනා අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.