යෝෂිතගේ නඩුවක චෝදනා පත්‍ර සංශෝධනය කරයි .

රුපියල් ලක්ෂ 596 ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් යෝෂිත කණිෂ්ක රාජපක්ෂට එරෙහි නඩුව ඊයේ කොළඹ මහ අධිකරණය හමුවේ විභාගයට ගැනුනි .

එහිදී අධිකරණය හමුවේ කරුණුදැක්වූ පැමිණිලි පාර්ශවය සඳහන් කළේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන 98 හැවිරිදි ඩේසි ෆොරස්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති තවත් නඩුකව චෝදනා පත්‍රය සංශෝධනය කර පවත්වා ගෙන යන බවය.

කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මික සිංගප්පුලි ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.

එහිදී රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා අධිකරණය අමතමින් විත්තිකරු විසින් අභියාචනාධිකරණය ඉදිරියේ පවරන ලද නඩුවක තීන්දුව දැනුම් දෙන ලදි .

වෛද්‍ය නිර්දේශය අනුව ඩේසි ෆොරස්ට් යන අය කොළඹ මහාධිකරණය ඉදිරියේ විභාග වන වෙනත් නඩුවකින් මුදාහැරීමෙන් පසු එම නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කර යෝෂිත රාජපක්ෂට විරුද්ධව පමණක් නඩු විමසීම සිදු වුණ බව ඔහු පැවසීය.

එහිදී එක් විත්තිකරුවකුට පමණක් ‘කුමන්ත්‍රණ’ චෝදනා යටතේ නඩු පැවරිය නොහැකි බව දන්වමින් විත්තිකරුවන් අභියාචනාධිකරණය ඉදිරියේ ප්‍රතිශෝධිත පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබු බවත්, අභියාචනාධිකරණය එම විරෝධය ප්‍රතික්ෂේප කරනා ලදි .