මොරටුමුල්ල ඉහළ ඉඳිබැද්ද ප්‍රදේශයේහි මිනිස් හිසක් .

මොරටුමුල්ල කුරේ මාවත ප්‍රදේශයෙන් මිනිස් හිසක් හමුවී ඇතිබව මොරටුමුල්ල පොලීසිය සඳහන් කරයි . 119 හදිසි දුරකථන අංකය ලැබුන ඇමතුමක්ම් ඔස්සේ ක්‍රියාත්මක වූ මොරටුමුල්ල පොලිසිය වඩු මඩුවක් පිටුපස ගං ඉවුරක තිබි එම මිනිස් හිස සොයාගත් බව මොරටුමුල්ල පොලිසියේ ස්ථානාධිපති, දිනේෂ් හෙට්ටිආරච්චි පැවසීය .

මොරටුමුල්ල පොලීසියේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂාවන් සිදුකර ඇත. අද (30) උදෑසන 8ට පමණ වඩුමඩුවේ හිමිකරු මෙය දැක පොලීසියට දැනුම්දී තිබේ.

මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය පැමිණ ස්ථානීය පරීක්ෂාවකි සිදුකළාය.
එම මිනිස් හිස බෙහෙවින් නරක් වී සතුන් කා දමා ඇති අයුරු දක්නට ලැබෙන බව මොරටුමුල්ල පොලීසිය පවසයි .