සමන්තුරේ නගර සභාවේ සහ කල්මුණෙ ප්‍රාදේශ සභාවේ මැතිවරණ වහාම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට අද නියෝග කළේය.
සමන්තුරේ නගර සභාවේ සීමා නිර්ණයන් පිළිබඳ කටයුතු වහාම අරඹන ලෙස පළාත් පාලන අමාත්‍යවරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය කල්මුනේ ප්‍රාදේශිය සභාව සහ සමන්තුරේ නගර සභා සම්බන්ධ සීමා නිර්ණ කටයුතු අවසන් වීමෙන් පසු එම ප්‍රදේශ ගැසට් නිවේදකයන් මගින් ප්‍රකාශයට පත්කරන ලෙස ජනාධිපතිවරයාටද නියෝග කළේය.
සමන්තුරේ පදිංචිකරුවන් වන මොහොමඩ් සලින් සහ මොහොමඩ් අසීම් නමැති ඡන්දදායකයන් ගොනුකර තිබූ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනා ලදි . ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා” ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අභයකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාග කරනු ලැබීය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම” සීමා නිර්ණ කොමිසම යන එම කොමිෂන් සභාවල සාමාජිකයන්” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් නම් කර තිබිණී.