රටට සෙතක් උදාවීම සඳහා එදා විහාරමහා දේවිය මුහුදට බිලි කළාක් මෙන් වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියවද කැලණියෙන් මහ මුහුදට බාර කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පැවසීය .
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ජනතාව මුලාවේ දැමීම වහාම නතර කරන ලෙසට තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.
වත්මන් රජයේ නායකයාගේ සිට බිම් මට්ටම දක්වා සිටින්නේ මහා පරිමාණ හොරුන් පිරිසක් බවට චෝදනා කළ දිලිප් වෙදආරච්චි , වත්මන් පාලනය රටට සාපයක් වූ අහිගුණ්ඨක ආණ්ඩුවක් බව සඳහන් කළේය .
කෙසේවෙතත් ලංකා ඉතිහාසයේ කැළණි තිස්ස රජු දවස සිදුවූ ක්‍රියාවක් නිසා මුහුද ගොඩගැලූ අවස්ථාවේදී, රට සහ ජනතාව එම විපතෙන් බේරා ගැනීම සඳහා විහාරමහා දේවියව මුහුදට බිලි දීමට පියවර ගත් බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, වත්මන් ආණ්ඩුවෙන් රටට සිදුවන විපතෙන් රට මුදා ගැනීමටද එවැනිම පියවරක් ගත යුතු බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.