වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි දින 18ක් පමණක් වයසැති සිඟිති බිළිඳකු නිරුපද්‍රිතව බේරාගැනීමට සහන සේවකයෝ සමත් වූ බව බී.බී.සී පුවත් සේවය පවසයි . සියළු දෙනා පුදුමයට පත්කරමින් මෙම බිළිඳා බේරා ගන්නාවිට කිසිදු තුවාලයක් නොමැතිව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බව වාර්තා වෙයි .
බිළිදාගේ මවද එම ගොඩනැගිල්ල තුළ සිරවී සිටි අතර පැයකට පමන පසු ඇයද නිරුපද්‍රිතව බේරගැනීමට සහනසේවකයෝ සමත් වූහ . මේ බිළිඳා පැය 32 කට ආසන්න කාලයක් මවගේ රැකවරණයෙන් මිදි සුන්බුන් අතර නිරාආහරව සිටිබව ගලවගැනීමේ සේවකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
සිය බිළිඳු දරුවා සහ බිරිඳ භූමිකම්පාව නිසා අහිමිවූවේයයි කම්පාවට පත්ව සිටි දරුවගේ පියා අතට සහන සේවකයන් විසින් දරුවා බාර දෙන අවස්ථව ඉතා සංවේදී වු බවත්, ඊට අදාල වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යහී වේගයෙන් සංසරනය වන බවත් වාර්තා වේ.
විනාඩි කිහිපයක වෙනසක් සහිතව වෙනිසියුලවේ සිදුවූ දරුණු භූමිකම්පාවෙන් 188 දෙනෙකුට වැඩි පිරිසක් මියගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබු බව වාර්තා වේ.